Sinhalese translation of AN HISTORICAL RELATION OF THE ISLAND OF CEYLON by Robert Knox published by Richard Chiswell at London, 1681
අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න
Small Medium Large Larger Largest

ඔහුට පෙනුණු ඇතැම් දේ

       *කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය.

       *උගුල් ඇටවිමටත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහි ම නැත්තෝ ය.බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලින් ඔහුට පත්තුවක් ගල්වා බිඳුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකි ය.

       *හස්තකර්මාන්තාදිය ගැන සිංහලයා මිට වඩා වැඩි සැලකිල්ලක් දක්වතොත් ඒවා දියුණු කරගත හැකි ය.එහෙත් සිංහලයා ස්වාභාවයෙන් ම අලස කම්මැලි ජාතියෙකි. එහෙත්


       *ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්න ය; මද්‍යපානය නො බොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නොතබන්නේ ය.

       *සිංහලයා ඉතා විනීත ය; ආගන්තුක සත්කාරයෙහි තත්පර ය; ස්වදේශින් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය.එනමුදු


       *ඔහු ගේ එක් භයානක නරකක් නම් බොරු කීමයි. එයද අසුවන ලෙසින් කීමයි!
                                               

                                                                                    ලක්වැසියන්ගේ ආගම
      "ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල වූ ප්‍රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්‍රේෂ්ඨ ආගමකි. ඒ බව මම ද එසේ ම පිළිගනිමි."

                                                                                     ඔවුන්ගේ භාෂාව
      "සිංහලයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කථා කරන ජනතාව මෙන් ම ශ්‍රේෂ්ඨ වූ, සුලලිත සුඛ නම්‍ය, සුමධුර භාෂාවකි. ඒ භාෂාව කථා කිරීමට ඉමිහිරි ය. රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය."

                                                                                      ඔවුන්ගේ රක්ෂාව
      "ලෝකයේ මුල් ම රක්ෂාවත් ඉතා උතුම් ම රක්ෂාවත් ගොවිතැන ය.සිංහලයන් ගේ ප්‍රධාන රක්ෂාවද මේ මුල් ම උතුම් ම රක්ෂාවයි. තමන්ගේ කෙත්වතුවල වැඩ කිරීම කොතරම් උසස් කෙනෙකුට නමුත් නින්දාවට කාරණයක් නොවේ."

                                                                                                                                            රොබට් නොක්ස්

8 comments:

  1. He has studied and known about sinhaalees rather than srilankans

    ReplyDelete
  2. Thank you for this.As I prepared my booklet from these informations. Thank you so much. And thank you once again.

    ReplyDelete
  3. Thank you for this. thank you once again.But all chapters are not there. Why?

    ReplyDelete
  4. This is the best novel that I read.but now the sri lankans are very different than the old sri lankans.However this book is very important for us to get a wide knowledge about the old sri lankans. Really I love this book. Thank for this web site, because published this valuable book in this website . ❤️❤️

    ReplyDelete
  5. Thank you very much . But all the chapters were not here. Can you publish all the chapters in these website .

    ReplyDelete

ඩේවිඩ් කරුණාරත්නයන් විසින් පරිවර්තනය කොට රචිත " එදා හෙළ දිව " පොතෙන් උපුටා ගන්නා ලදී..