මපියාණන්ගේ මළගම - බණ්ඩාර කොස්වත්තේ ගත කළ සිර ජීවිතය - මා අත තිබුණු " බැති පුරුදුවෙන් " මා ගාථා කියූ සැටි. පියාගේ අසනීපය - පියාගේ අවසාන ඉල්ලීම - මා අතින්ම සෑරූ වළෙහි පියාණන් භූමි දාන කළ සැටි ! අහෝ, මම නන්නාඳුනන රටක තනි වීමි. අනාථ වීමි. අසරණ වීමි.
පියාගේ මළ ගම
පියාගේ මළ ගම
වර්ෂ 1660 ටේ සැප්තැම්බර් මස 16 වැනි දින කන්ද උඩරට රජතුමා, මාත් මපියාත්, බණ්ඩාර කොස්වත්ත නම් ග්‍රාමයට යැවුයේ ය.ආනන්ද ජනක විවේක ශීලී ස්ථානයක් වූ මෙය මහනුවරින් සැතපුම් තිහක් පමණ උතුරින්, සත්කෝරලය නම් ප්‍රදේශයෙහි පිහිටියේ ය.අපේ සෙසු අය ජිවත් වූ ස්ථානයේ සිට මෙතැනට ඇත්තේ පුරා දවසක ගමනකි.
අප මෙම ප්‍රදේශයට ගෙන එනු ලැබූ ප්‍රථම වර්ෂයේ උණ රෝගය තදින් පැතිර යාම හේතු කොට ගෙන මෙම ප්‍රදේශය බෙහෙවින්ම දුඃඛිත තත්ත්වයක් උද්වහනය කළා ය.උණ රෝගයෙන් පෙළුණු රටවැසියන් බොහෝ දෙන එම රෝගයෙන් ම මිය ගියහ.මේ රෝග භය හේතු කොට ගෙන, උයා පිහා දෙන්නට කෙනෙකු නිරෝගීව නොසිටීම නිසා, අපට බොහෝ අවස්ථාවල දී කුස ගින්නේ පසු වන්නට සිදු විය.
මා අත තිබුණු 'බැති පුරුදුව' (The Practice of Christianity) නම් පොතත්, රෝගර් මහතාගේ 'ක්‍රිස්තියානි පුරුදුව' නම් ලත් පොත් පොඩිත්තත් මේ අවාසනාවන්ත කාලයේ අපගේ තනි නොතනියට සිටි මිත්‍රයෝ වුහ.දවස පුරා නිවසෙහි දෝ හෝ නොහොත් සිරගෙයි සිටීමෙන් විඩාවට පත් වූ විට සන්ධ්‍යා සමයේ වෙල් එළියේ ඇවිදීම අපේ සිරිත විය.
අප ද උණ රෝගයෙන් පීඩා වින්ද යුතුය යි දෙවියන් වහන්සේ තීරණය කරන තුරු, මෙපරිද්දෙන් අපි දවස් ගැලවීමු.හේ එසේ ම ය.අපට ද උණ රෝගය වැළඳුනේ ය.මා රෝගී වීමටත් වඩා මගේ සංවේගයට හේතු වුයේ පියාගේ රෝගය ය.පියාණන් හට උවටැන් කරන්ට ඉඩක් නොලැබෙන පරිද්දෙන් මට ද රෝග ග්‍රස්ත ව පියාගේ දුක දැක දැක ඉන්නට සිදු වීම මගේ ජිවිතයේ කටුකතර සිද්ධියක් හැටියට සැලකිය හැක්කේ ය.මා උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දකින බොහෝ අවස්ථාවල දී මපියා මට මෙසේ කියන්නට පුරුදුව සිටියේ ය :
"නැවට පණිවුඩය ගෙන ගොස් නැවත ආපසු එන්නැයි ඔබට නියම කිරීමෙන් මා ඔබට කළේ විපතක්.ඔබ පියාට යුතුකම සැලකීම නිසා මෙසේ සිරකරුවෙක් වුණා!මා දැන් මහලු නිසා මට වැඩි කලක් සිර දුක් විඳින්නට සිදු වන්නේ නැහැ; එහෙත් ඔබ තරුණයි.දෙවියන් වහන්සේගේ අනුකම්පාව ඔබට නොලැබුණහොත් ඔබට ඉතා දිගු කාලයක් මේ සිර ජීවිතය ගත කරන්නට සිදු වනු නියතයි.ඔබට හැම විට ම දේවාශිර්වාදය ලැබේවා'යි මා නිරතුරුව ම යදිනවා!"
පුරා තුන් මසකට වැඩි කලක්, මපියා උණ රෝගයෙන් පෙළෙමින් මෙසේ යහන් ගත වී සිටියේ ය.ඇඳ මතු පිට, ඔහුගේ ශරීරය යට තිබුණේ, පැදුරක් හා ඔහු ඔරුවේ නැඟී වෙරළට එද්දී ගෙන ආ බුමුතුරුණුවක් පමණකි.පෙරවීම සඳහා, නැවෙන් ගෙන එන ලද දෙපට පොරෝනයක් විය.මට තිබුණේ බිම අතුරන ලද පැදුරක් හා හිස තබා ගන්නට කොට්ටයක් පමණකි.පෙරවුමට තිබුණේ මා ඇඳි ඇඳුම් පමණකි.එහෙත් උණ ගැනී ඇඟ පත සීත වී ගෙන එන විට දර කැබෙලිවලින් ගිනි මැලයක් දල්වා ගෙන ගිනි තැපීම මගේ සිරිත විය.එයින් ලැබුණේ කිසි ම වියදමක් නැති උණුසුමකි.දර, අසල කැලයෙන් කැමති ප්‍රමාණයක් අසුලා ගත හැකි විය.
පෝටෝ නොවෝ නැව් තොටින් ගෙන එන ලද සේවකයෙක් මපියාට සිටියේ ය.එහෙත් ස්වකිය ස්වාමියා දැනට සිරකරුවකු බවට පත් වී සිටිනා බැවින් මේ සේවකයා ස්වාමියාගේ අණ නොපිළිපැද්දේ ය.ඔහුට වැඩක් කරන්නට අණ කළ විට, ඔහු එය කෙළේ, ඔහුට කැමති නම් පමණකි.බොහෝ විට ඔහුගේ කැමැත්ත වුයේ කිසිම වැඩක් නොකර නිදැල්ලේ පසුවීම ය.කලක් ගත වන විට මගේ උණ රෝගය තරමක් සහනදායක තත්ත්වයට හැරිණ.දවස් තුනකට වරක් උණ ගැනීමය, මට ඇති වූ සහනදායක තත්ත්වය.මෙපරිද්දෙන් පුරා දහසය මසක් පුරා තුන් දිනකට එක් වරක් බැගින් මට උණ රෝගයෙන් පෙළෙන්නට සිදු විය.
මපියාණන්ගේ නිදහස් වීමේ බලාපොරොත්තු පමණක් නොව රෝගයෙන් සුව වීමේ බලාපොරොත්තු ද සුන් වුවා සේ පෙනිණි.බලාපොරොත්තු සුන්විමෙන් අධික සංවේගයට පත් වූ මපියාණන් පුරා දින නවයක් ම කිසිඳු අහරක් මුව නොතබා සිටි සැටි මට හොඳ හැටි මතක ය.ඒ දිනවල ඔහු පානය කෙළේ ඇල් දිය බිඳක් පමණකි.එක් වතාවක්, ශරීර කෘත්‍යය සඳහා හැරෙන්නට සෙසු කිසිම කටයුත්තක් සඳහා යහනෙන් නොබැස පුරා තුන් මසක් මපියා ගත කෙළේ ය.හද කැණැති හුණු වන පරිද්දෙන් සුසුම් හෙළමින් හෙතෙම මේ කාලය ඉතා දුඃඛිතව ගත කෙළේ ය.
වර්ෂ 1661 පෙබරවාරි මාසයේ නව වැනිදා වනතුරු මපියා මෙපරිද්දෙන් යහන මත කාලය ගත කෙළේ ය.මේ වකවානුව වන විට ඔහුගේ සර්වාංගය සෙමින් සමෙන් වැසූ ඇටකටු ගොඩක් බවට පත් වී තිබිණ.එසේ වුව ද 'නිදහස' යන වචන මාත්‍රයෙන් ඔහුගේ ශරීරයට නව ජිවන හුස්ම පිඹෙතැයි ද, ඔහුගේ හස්ත පදාදියට නව ජිවන ශක්තිය ලැබෙතැයි ද හෙතෙම නිරතුරුව ම පළ කෙළේ ය.එහෙත්, සිර ජිවිතයෙන් නිදහස නොව, ඔහුගේ මෙලොව ජිවිතයෙන් නිදහස දෙන්නට දෙන්නට ලෝක පාලකයන් ඉටා ගත්තා වැන්න!
මපියාගේ අභාවයට පෙර දින සැන්දෑවේ ඔහු මට කථා කොට ඔහුගේ යහන ළඟින් ඉඳගන්නට මට කිවේ ය.මේ අවස්ථාවේ මට ද තදින් උණ ගැනී තිබුණු නමුත් මම ඇඳ ළඟ හිඳ ගතිමි.ඔහුගේ ප්‍රාණය අනුක්‍රමයෙන් නිරුද්ධ වී ගෙන යන බව - දෙවියන් වහන්සේ සිර බන්ධනයෙන් ඔහු මුදාලන්නට යන බව - මට වැටහිණ.හෙතෙම මට කථා කෙළේ ය.අවසන් වචන කීපය කථා කෙළේ ය.දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් මට නැවතත් වරක් එංගලන්තයට යන්නට වාසනාව උදාවුවහොත් තමා අවසන් මොහොතේ දී මගේ මව සහ නැගනිය සිහි කළ සැටි ඔවුන්ට දන්වන්නට මපියා මට නියම කෙළේ ය.කොට්ටියාරමේ සිට මවට යවන ලද ලියුම් මගින් තමාගේ බූදලය නිසි පරිදි බෙදී ඇති බව ගොත ගැසූ මපියා, මගේ කොටස හැටියට එහි නියම වී ඇති දේපල භාර ගෙන ලද දෙයින් සැනසි සිටින සිටින ලෙස අනුශාසනාවක් ද කෙළේ ය.
මා දෙවියන් වහන්සේ කෙරෙහි සත්‍යවාදී උන් වහන්සේගේ පියවර ඔස්සේ ගමන් කළ යුතු බවත්, එසේ කළ හොත් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නිරවගේෂයෙන් ම මා සතු වන බවත් පැවසූ මපියා, මව්බිමට යෑමෙන් පසු මගේ මව හා නැගනිය හොඳින් රැක බලා ගත යුතු බව ද කිවේ ය.ස්වකීය ජීවිතයේ අගනා අත්දැකීම් අනුව තමා ඉගෙන ගෙන ඇති පරිදි මද්‍ය පානයෙන් හා පාප මිත්‍ර සේවනයෙන් සදහට ම වියෝ වී යහ මග ගමන් කරන්නට ඉටා ගන්නා ලෙස මපියා අවසාන වශයෙන් මගෙන් ඉල්ලා සිටියේ ය.
මම දැඩි සොවින් සුසුම් හෙළුවෙමි.අවසන් සයනයේ වැදහොත් මපියා, මට වැඩියෙන් සුසුම් හෙළි ය.මගේ ජීවිතය පිළිබඳ තාරුණ්‍යයේ සුපුෂ්පිත පුෂ්පය සිර ජීවිතය පිළිබඳ අඳුරු මූකලානක පරවෙන්නට ඉඩ හරින්නට සිදු වීම සම්බන්ධයෙන් හෙතෙම දුක් විය.ජීවිතය බේරා ගෙන සෙසු නැවියන් සමග සිය රට යන්නට හොඳ හැටි ඉඩ තිබුණු අවදියක මපියාගේ බසට අවනතව මපියා වෙනුවෙන් මා කළ ආත්ම පරිත්‍යාගය ගැන සිත සිතා හෙතෙම ළත වූයේ ය.දුක් වූයේ ය.ළත වෙමින් - දුක් වෙමින් - එම ආත්ම පරිත්‍යාගය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කෙදිනක හෝ මා වෙත වඩා අගනා ත්‍යාගයක් ලබා දෙනු නිසැක බව හෙතෙම සහතික කෙළේ ය.මේ හැම අසත් අසත්, මපියාගේ අවසන් මොහොතේ, මපියාගේ අවසන් වචනය අසන්නට මපියා අසළ සිටින්නට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මම දෙවියන් වහන්සේට ස්තොත්‍ර පැවත්වීමි.
තමාගේ වචනය නිසා මා සිරකරුවකු වීම මපියාගේ පරම ශෝකයට හේතු වුව ද, සිය පුතුගේ අතින් මෘත කලේබරය භූමිදාන වන පරිද්දෙන් සිය පුතුගේ අබියසෙහි අවසන් හුස්ම හෙළන්නට ලැබීම තමාගේ පරම ප්‍රීතිය බව පල කළ හෙතෙම, මා ඔහු ළඟ නොසිටින්නට ඔහුගේ මෘත දේහය බලු කැණහිලුන් හට ගොදුරු වන්නට ඉඩ තිබුණු බව ද අවසන් වරට ගොත ගසමින් සදහටම දෙනෙත් පියා ගත්තේ ය.මේ වන විට වේලාව රාත්‍රී අට නවය වෙන්නට ඇත.හේ එසේම ය.වර්ෂ 1661 පෙබරවාරි මස නව වැනි දින මපියාණෝ, මා සිරකරුවකු කොට තනි කර දමා අවසන් හුස්ම හෙළා මෙලොවින් තුරන් වූහ.
මවිසින් ම හාරන ලද වළෙක, මපියාණන්ගේ දේහය මා විසින් භූමිදාන කරන ලදී.මා මීට ප්‍රථම විස්තර කළ පරිද්දෙන් බණ්ඩාර කොස්වත්ත නම් වූ මෙම ග්‍රාමයෙහි, අප සවස් භාගයේ නිතර සක්මන් කරන්නට පුරුදුව සිටි අඳපල නම් ස්ථානයෙහි මපියාණන්ගේ මෘත දේහය මා අතින් ම භූමිදාන කරන්නට ලැබීම මට තරමක සැනසීමක් විය. බණ්ඩාර කොස්වත්ත ග්‍රාමයට එම නම ලැබුණේ, කලකට පෙර එය මහනුවර රජ බිසවගේ ග්‍රාමයෙක්ව තිබුණු බැවිනි.'බණ්ඩාර' යනු රාජකීයත්වය හඟවන අභිධානයකි.එය දිවයිනේ වයඹ දිග රට මැද්දෙහි, සත් කෝරලයේ පිහිටියේ ය.
මෙපරිද්දෙන් මම තනි වීමි. අනාථ වීමි. අසරණ වීමි.දැන් මම වනාහි ලෙඩෙක්මි. සිරකරුවෙක්මි. පියා මළ එකෙක්මි.මගේ සහනය පිණිස උඩ බැලූ විට අහසටත්, වටපිට බැලූ විට වාතයටත්, බිම බැලූ විට මහ පොළොවටත් වැඩි කෙනෙක් නො වී ය.එසේ වුව ද අනාථයන් හට නාථ වූ යම් සර්වබලධාරී කෙනෙක් ලෝකයේ ඇද්ද, ඒ උත්තමාත්මයාණන් හට මගේ ආත්මය කැප කොට ආත්මාධිෂ්ඨානයෙන් දවස් ගැළවීමි.

ගොඩක් හොද වැඩක් දිගටම කරගෙන යන්න.. සුබ පතනවා.
ReplyDeleteThis comment has been removed by the author.
Deletemeke ithuru tika liyapan utto
ReplyDeleteane anith page walata yanna bene. eka hadannako. anith tikath kiyawanna asai.
ReplyDeleteNiyamai
ReplyDeleteprisoner s note is showing how he is enjoying the freedom in country such as ours but in modern world when someone arrested he is handcuff,or always under observation.Rule of law pave the prisoner is to live freely, but only his inner thoughts would react like a prisoner.
ReplyDeleteබන්ඩාර කොස්වත්ත වර්තමානයේ කුමන ප්‍රදේශය ද???දන්න කෙනෙක් ඉන්නවා ද ???
ReplyDeleteබන්ඩාරකොස්වත්ත කියල තියෙනව ගමක් හලාවත වාරියපොල පාරෙ හෙට්ටිපොල ඉදල 8kmවිතර දුරින්.
DeleteGodak hoda book ekk, niymiiii
ReplyDeletethank you very much
ReplyDeleteThank you
ReplyDelete